තණ්හාවට හේතුව
සංඥාව.
උපාදානය ට හේතුව විතර්කය.
භවයට හේතුව ප්‍රපංච කිරීම.
පොඩි කථාවක් ඇසුරින් .
මම පාරේ එන විට, අප කාර්යාලයේ සේවය කරන දෙදෙනෙක් මා ඉදිරියෙන් මා යන දෙසටම යයි. දෙදෙනාගේම අත‍් වල බරට පාර්සල් එල්ලාගෙන යයි.
ටික දුරක් යන විට අසල සෙරෙප්පු sale දාන තැනකි. මෙතැන දුටු මොහොතේ ඒ පිළිබඳ සංඥාව සැකසේ. එයින් තන්හාව ජනිත කරවන්නේ වන බව මතක් වීම. සංඥාව ඇතිවීම දුකට හේතු වේ. එම සංඥාව කැමැත්තෙන් පිළිගැනීම නොවටී.
මා ඉදිරියෙන් යමින් සිටි කාන්තාවන් දෙදෙනා අත් වල එල්ලාගත් පාර්සල් සහිතවම ඒ කඩය දෙසට හැරුණි. දුක දුකක් බව නොදැන දුක් විඳීමක් සිදු කරන්නේ නොවේදැයි යන අර්ථය එන ලෙස මනසිකාරයක් සිදු කල මා බහුලව එන සංඥාවට තැන දීම නොවැදගත් බව සිහියේ තබාගත යුතුයි කියලා සිතුවෙමි.

No comments:
Post a Comment