ලෝක ධර්මයන් කෙරෙහි
සැලකිය යුතු කරුණු
“ධම්මෙන ච අලාභො යො
යො ච ලාභො අධම්මිකො
අලාභො ධම්මිකෝ සෙය්‍යො
යං චෙ ලාභො අධම්මිකො”
යො ච ලාභො අධම්මිකො
අලාභො ධම්මිකෝ සෙය්‍යො
යං චෙ ලාභො අධම්මිකො”
“ධර්මයෙන් වන්නා වූ අලාභය ය. අධර්මයෙන් වන්නා වූ ලාභය ය යන මේ දෙකින් අධර්මයෙන් වන ලාභයට වඩා ධාර්මික අලාභය ම උතුම් ය” යනු එහි අදහස ය.
“යසො ච අප්පබුද්ධීනං
විඤ්ඤූනං අයසො ච යො
අයසො ච සෙය්‍යො විඤ්ඤූනං
න යසො අප්පබුද්ධිතං”
විඤ්ඤූනං අයසො ච යො
අයසො ච සෙය්‍යො විඤ්ඤූනං
න යසො අප්පබුද්ධිතං”
“මන්දබුද්ධිකයන් නිසා වන කීර්තිය ය, නුවණැතියන් නිසා වන අපකීර්තිය ය යන දෙකින් මන්දබුද්ධිකයන් නිසා ලබන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය ම උතුම් ය” යනු එහි අදහසයි.
“දුම්මෙධෙහි පසංසා ච
විඤ්ඤූහි ගරහා ච යා,
ගරහා ච සෙය්‍යො විඤ්ඤූනං
යං චෙ බාලප්පසංසනා”
විඤ්ඤූහි ගරහා ච යා,
ගරහා ච සෙය්‍යො විඤ්ඤූනං
යං චෙ බාලප්පසංසනා”
“අඥයන් විසින් කරන ප්‍රශංසාව ය, විඥයන් විසින් කරන ගර්හාවය යන දෙකින් බාලයන්ගේ ප්‍රශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව ම උතුම් වන්නේ ය” යනු එහි තේරුමයි.
“සුඛං ච කාමමයිකං
දුක්ඛඤ්ච පවිවෙකියං
පවිවෙකියං දුක්ඛං සෙය්‍යො
යං චෙ කාමමයං සුඛං”
දුක්ඛඤ්ච පවිවෙකියං
පවිවෙකියං දුක්ඛං සෙය්‍යො
යං චෙ කාමමයං සුඛං”
“කාමසුඛය ය, විවේකයෙන් වන දුක ය යන දෙකින් කාම සුඛයට වඩා විවේකයෙන් වන දුක ම උතුම් ය” යනු එහි තේරුමයි.
(රේරුකානේ චන්දවිමල මහනාහිම්යන් විසින් සම්පාදනය කරන ලද බෞද්ධයාගේ අත්පොත නැමති ඉතා වටිනා ග්‍රන්ථය ඇසුරෙනි)

No comments:
Post a Comment