- අන්ත අල්ලා ගන්න එපා. ඔබ ගිරවකු මෙන් අසා දැනගත් දේවල් ලොකුවට අල්ලා ගෙන යාම ගැටළුවක් විය හැක. තමන් තුලින්ම දැක්ක දෙයක් මිස
- භාවනාවෙන් ස්වභාවිකව වැඩීමට කටයුතු කිරීම. shortcut risky අහිතකර intake ආදිය .. කිරීමෙන් වැලකීම වඩා හොඳයි.
- භාවනාවේදී දිව්‍යමය ස්වභාවයන් දැක්කොත් ඊ්ට නතු වෙන්න එපා. එයත් හීනයක් upgraded version එකක් මායාවක්ව පමණක් බව අවබෝධයෙන් අතහැර දැමීම.
- stage 1 යෑම. stage 2 යෑම stage 3 යෑම ලෙස හැල්මේ යාමට උත්සාහ කිරීමෙන් ලෞකික ජීවිතයේ ගිය විදියටම තරගකාරී / එකම රටාවක් ලෙස යාමම සිදු කිරීමට උත්සාහ කිරීම ගැටළුය.
- ඔබට හමුවන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඒවා මගහරිමින් නොඉඳ ඒවා විසඳගන්න
- ගුරුවරයෙක්ව හොඳින් අධ්‍යයනය නොකොට තමන්ගේ හදවතට දැනෙන දේ ගැන නොබලා අනුගමනය කිරීම උගුලක් විය හැක. ඇඳුමින්, ගිරා දැනුම හරහා, පෙනුමින් පටුවිදියට තීරණය කළ නොහැක.
- ගුරුවරයාට සම්පූර්ණ වගකීම භාරදී තමන් ඇතුලාන්තයෙන් සොයා යාම නොකර සිටීමෙන් වන හානිය. තමන්ගේ හදවතේ හඩට ඇහුම්කන් දෙන්න. Authority එක ඔබ සතුය.
- කරන්න ඕන අපහසු නමුත් ඇත්තටම කලයුත්ත නොකර video ශ්‍රවණය කර පැත්තකට වීම. උදා- බිය නම් කරුවලේ සිටීමට. එය කරන්න. නොදන්නා දෙයකට (unknown territory) පා නොතබයි නම් එහි අධ්‍යාත්මික භාවයක් නැත. තමන්ගේ comfort zone එකේ ඉඳන් එය කල නොහැක. උදා- ඇය තමන්ගේ මනසේ හැඩ කැඩීමට වරක් vegan කෙනෙක් ලෙස සිටීම නිසා දුටු දෙයක් මත ඇය මාංශ අනුභවයක් වරක් කර එය කැඩීම. කෙලෙස් වඩන හැඩ විනාශ කිරීම. ආකෘති කැඩීමට කටයුතු නොකරන්නේ නම් අධ්‍යාත්මික ගමන ගැටළු සහගත බවක ඇය පවසයි. උදා- වැසිකිලිය සුද්ද කිරීමට නොයන ඇය ඇයගේ සිත කෑගහද්දී ඒ දේ කිරීම. සිත නිහඬ වීමක් දැකීම.
- එකම තැනකින් අධ්‍යාත්මික ගමනට කරුණු ගැනීමෙන් වන හානිය. personal agenda වලට හසු නොවීම. ඇය 100 ක් පමණ resources බැලීම. common pattern හඳුනාගැනීමට යාමෙන්. දිශාවක් දැකීමට හැකි වීම. ගුරුවරුන් දක්වන සමහර points ඔවුන්ගේ styles වලට කියද්දී කෙනෙක්ගෙන් නොතේරෙන දෙයක් වෙනත් ගුරුවරයෙක්ගෙන් වඩා හොඳින් ග්රහනය වීමට ඇති හැකියාව. කෙනෙක් එක් පැතිකඩක් කතා කරන විට තවත් කෙනෙක් තවත් එකක්. වඩා හොඳ අවබෝධයකට මග පෑදීමක් විය හැක. එක්කෙනෙක්ගෙන්ම සියල්ල බලාපොරොත්තු වීමෙන් විය හැකි ප්‍රමාදයන් වැරදීම් අවම කරගන්න හැකි බව ඇය දක්වයි. වැරදි තොරතුරු ආවත් mislead වීමේ ප්‍රවණතාවය අවම වීම.
- ධර්මය භාගෙට අල්ලා ගැනීම. පරස්පර ගොඩක්. අන්ත දෙකෙන් මිදීමට කටයුතු කිරීම. ජීවිතේ සියල්ල ඇත්ත කරගෙන සිටීම කලක් කර ජීවීතය සම්පූර්ණයෙන් සිහිනයක් ලෙස අසා එලෙසම දැකීම අන්තගාමීබවකට යෑම නොවන ලෙස සිටීම
- සත්‍ය යනු මේ වගේ මේවගේ දෙයක් කියලා රාමුවක් සිත්හි දරාගෙන සිටීම. සත්‍ය දකින කල සිතේ සිතළු වල තත්වය දකිනු ඇත. සත්‍ය දකින තාක් නොදන්නා භාවයට ලං වන්න. නොදන්න ස්වභායට යෑමත් සමග දන්නා ස්වභාවයට යාමට උදව් වේවි. සත්‍ය පිළිබඳ නිගමන වලට එලඹෙන්න යන්න එපා. ඔබ එය දැක නැත්නම් දන්නේ නැති බව දැනගන්න. සරල වෙන්න. අවංක වන්න.
- සත්‍යාවබෝධය කල අය ගැන රාමුවක් හදාගන්න එපා. ඔවුන්ව ඇඳුමෙන්, කථාබහෙන්, ඔවුන්ට හැඟීම් දැනීම් දනවන ප්‍රමානය, magical powers ඇති යයි ලෙස ආකෘති හදාගන්න එපා. ඔවුන් ආකෘති කඩලා විනාස කරපු කෙනෙක්. ඔබලා හිතන විදියට ඉන්න කෙනෙක් නොවෙයි. එයාලා ගැන නිගමනයකට එන්න එපා. එළියෙන් කිසි විදියටකට සොයන්න පුළුවන් දෙයක් නොවෙයි.
- පටු ආකාරයකට සිතීම. වචනයෙන් කීමට බැරි ආකාරයකට පුළුල්ව සිතන්න ඕන දෙයක් මේක. සිතීමේ ස්වාභාවය පුළුල් කිරීම. උදා- විවිධ සංස්කෘතින්ට බහා බලන්න. උදා- ජපානයේ ගැහැනු කෙනෙක්ගෙන් ඔහුගේ සැමියා වරදේ හැසුරුනොත් ඔබ මොකද කරන්නේ කියලා.. එවිට ඇයගේ ස්වාමියාගේ හැඟිම් ඇය කෙරෙන් නොයන්නේ නම් ඇය දික්කසාදයකට යාමට තරම් ගැටළුවක් කර නොගන්නා බවක් පැවසීම.. ලංකාවේ මෙය උනොත් සම්පූර්ණයෙන් වෙනස් තත්වයක් විය හැක.
- අනිත් අය ගේ දොස් දැකීම - උදා: අධ්‍යාත්මික ගුරුවරුන්ගේ වරදවල් දැකීමක් කරන අය තමන්ගේම projection වෙනත් අයගෙන් දැකීම නිසා මුලා වීම. මුළු ලෝකයම ඔබ තුල ඇති වෙයි. වරක් ඇයට එක්තරා අධ්‍යාත්මික ගුරුවරයෙකුගේ ආඩම්බර ස්වභාවයක් දැක ඇත. නමුත් එය තමන්ගේ ආඩම්බරකමේ projections බව වැටහීම. කෙනෙක්ට තවකෙනෙක් වැටහීමේදී තමන්ගේ තණ්හා මාන ආදි කෙලෙස් ස්වභාවය අනුව අන් අය මැනීමක් වන ආකාරයක් මෙහිදී දක්නට ඇත.
- තර්ක logic වලින් යෑමට උත්සාහ කිරීම. 5% ක් 10% ක් logic හරහා ගියත් ඉතිරි සියල්ල logic නෑ. විශාල කථාවකි. විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු විය නොහැක.
- ඔබ අහන්නේ ඔබට අහන්න ඔින දේවල්ය. එය ස්වභාවයක්. ඒක නිසා හොඳ සිහි බුද්ධියෙන් අහන්න. ඔබට ඔිනෑ දෙයක් නොවේ ඇත්ත ඇති සැටියට අහන්න භාවනාවක් වගේ. ගැඹුරු සවන්දීම වැදගත්ය. ඇතුලේ කථාවට සවන් දෙන්න යන්න එපා.
- ඔබ හොඳ කෙනෙක් කියලා හැමතිස්සේම සිතීම නිසා මුලා වීම. ඔබ තුල හොඳ නරක දෙකම ඇත. අපක්ෂපාතී වන්න. සත්‍යවාදී වන්න. හැම කෙනෙක්ම ද්විත්ව ස්වභාවයක් සහිත නිසා.
- ඔබ ඇහුම්කන් දෙන්නේ ඔබගේ මනසටමයි. නමුත් පාර පෙන්වන්නේ හදවතමයි. ඔබ අධ්‍යාත්මික ඇඳුම් ඇඳ ගත්තත් එය සිදු වේ. ඒ තරම් මුලා සහගතයි.
- තමන්ගේ බලාපොරොත්තු, මනසේ කථාවට ගැලපෙන ගුරුවරු සොයා යාම නොව විවෘත මනසින් ගුරුවරු සොයා යන්න. අභියෝග කරන විදියේ ගුරු මග පෙන්වීමක් අවශ්‍යයි.
- ඔබ මේ යන මාර්ගයේ ඔබේ intuition එකත් එක්ක connect වෙලා යාම අනිවාර්යයි. තමන් එක්ක connect වෙලා.. ඔබට යමක red flags , something off වගේ දැනෙනවා නම් එයින් ඉවත් වීමට ඇහුකන් දීමට කටයුතු කරන්න. උදා- toxic relationship
- දැඩිලෙස ජාතිවාද කුල මල වාද වලට අන්තගාමී වී සිටීමෙන් වලකින්න. සියළු දෙනා එක සේ දකින්න. බෙදා වෙන් කරමින් දකීන්න යන්න එපා. ආදරය පෙරදැරිව සිටින්න.
- යමකින් සැඟවී සිටීමට ආධ්‍යාත්මික කටයුතු වල නියැලීම ඇබ්බැහියක් ලෙස සිදු කිරීම. උදා - බියක් කණගාටුවක් ඇති විට අධ්‍යාත්මික වීඩියෝ බලා සිටීමට පුරුදු වීම. තමන් මුහුණ දෙන ප්‍රශ්නයෙන් ගොඩ ඒමට සුදුසු පිළියම් නොයෙදීම, පලා යාම, බිය හෝ කණගාටුව, ආතති ආදිය යටපත් කිරීම පමණක් සිදු කිරීම.
- ආධ්‍යාත්මික ගුරුවරු පරිපූර්ණ චරිත ලෙස දැකීමට හුරු වීම හරහා සිදු වන හානිය. 100% perfect චරිත සෙවීමට යාමෙන් පත් වන බිඳ වැටීම්. විවෘත මනසින් සිටින්න.
- සත්‍යාවබෝධයෙන් සියළු ප්‍රශ්න විසදෙන බව සිතීම නිසා වන වරද... තමන්ට ජීවිතයේ එන කටුක අත්දැකීම්ද හමුවේ surrender වීම.
- ආදරය කියන දේ සුමුදු සුසිනිදු දෙයක් ලෙස ඔබ අපේක්ෂා කරත් රළු විදියටද ආදරය පැමිණෙන විට ඔබට එය හඳුනාගත හැකිද එකසේ දැකිය හැකිද? මෙය පුළුල් ගැඹුරු තත්වයක්.
- අනිත් අයට මේ සත්‍යය බලෙන් තේරුම් කිරීමට යාම වරද.. එක් එක් කෙනා විවිධ අදියරයන් වල සිටී. ඔවුන්ට එය ඔවුන් තුලින්ම පැමීණෙනකන් ඉඩ දිය යුතුය. interfier වෙන්න යාමෙන් ඔබ distract නොවන්න.
- තමන් මහලොකු කෙනෙක් විශේෂ කෙනෙක් ලෙස දකින මනසේ හදන බොරු කථා වලට ඉඩදීමෙන් වලකින්න. මනසේ මායාවට හසු නොවන්න.
- සීමාකාරී විශ්වාසයන්ට නතු නොවන්න. උදා- සත්‍යාවබෝධය ඉතා දුෂ්කරයැයි විශේෂ කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් දේවල් ලෙස පසුගාමීවීම ආත්ම ගානක් යනවැයි ලෙස පසුගාමී වන්න එපා. සමාජයේ මුල් බැසගත් විශ්වාස පිළිගැනීමට සුදුසු දැයි තීරණය කරන්න. සියළු දෙනාම එකම දේ නේද අත්දකින්න තියෙන්නේ. සත්‍යය හැමට පොදුයි. සත්‍යාබෝධය කිරීමෙන් තමන් ළග සිටින අයට තමන් වෙතින් ලැබෙන ආදරය ගිලිහෙයිද යන්නත් ඉතා පටු සීමාකාරී විශ්වාසයකි. මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. ඇත්තම ආදරය ඇති වෙන්නේ සත්‍යාවබෝධය නිසාය.
- ආද්‍යාත්මික ගමන නිසා තමන් විසින් සිදු කල යුතු මූලික කටයුතු ටික පැහැර හැරීම ගැටළු සහගතලු. මුදල්, අත්‍යාවශ්‍ය දේවල් ටික මග හැරීමෙන් ගැටළු ඇති වේ යැයි ඇය කියයි.
- හොඳ හැඟීමකින් ධනාත්මකව සිටීමට ප්‍රමුඛතාවය දීම. ලෝකයේ ද්විත්ව ස්වභාවයක් ඇත. හොඳ මෙන්ම නරක හැඟීම්ද ඒ. එයි යයි. positive vibes only කියලා සිතීමට යාමෙන් වන කලකිරීම්..
- මම කියලා දෙයක් අල්ලාගෙන සිටීමෙන් වන හානිය. අවස්ථානුකූලව කටයුතු කරන්න. මෙහි සඳහන් කරන දේවල්ද අල්ලාගන්නට යන්න එපා. එයත් උගුලක්ය. අධ්‍යාත්මික ගමනේ යන අයගෙන් ඇතිවිය හැකි උගුල් පිළිබඳ අසා දැන ගන්න.
දිල්මි මහදුරගේ වීඩියෝවක් ඇසුරින් https://youtu.be/DOcxJR_giZM?si=qGWuuiyQ4VOdrQ2-
- භාවනාවෙන් ස්වභාවිකව වැඩීමට කටයුතු කිරීම. shortcut risky අහිතකර intake ආදිය .. කිරීමෙන් වැලකීම වඩා හොඳයි. psychedelic
No comments:
Post a Comment