Thursday, 2 October 2025

සිහිය පැවැත්වීමට යොදා ගත හැකි උපායන් - (උපුටා ගැනීමක්)

සිහිය පැවැත්වීමට යොදා ගත් උපායන් - (උපුටා ගැනීමක්)

  • ජීවිතය සිහිනයක්... හැමවිටම බොරුවක ජීවත් වීම දැනීම
  • සෑම ස්තුතිවන්ත විය හැකි අවස්ථා වල ස්තූති වන්ත වීම.. උදා- ආහාර ගන්න වෙලාවට.. සිහිය එම මොහොතට ගැනීමට පුරුදු කරයි.
  • ඔබගේ සංවේදනයන් සමග සම්බන්ධ වන්න. උදා- මුහුදු වෙරළට ගිය කල රළ ගසන හඬට සවන් දීම.. රළ දැකීම... ඔයා ඉඳගෙන ඉන්නකොට නිශ්ශබ්දතාවයට සවන් දීම... සිහිය එම මොහොතට ගැනීමට පුරුදු කරයි. (සත්වයා හැමවිටම මනසත් එක්ක ප්‍රපංච එක්ක ඉඳලා එය miss වෙලා තියෙනවා.)..
  • හදවතේ හඬට විවෘත වන්න. එය තමයි ඔබව මාර්ගයේ එක්ක යන්නේ.
  • matters not what you think but what you feel.. හිතෙන දේට නෙවෙයි හදවතට දැනෙන දේට සවන් දීම
  • භාවනාවට ප්‍රවේශ වන කාලයේදී මිනිත්තු 3 නේ භාවනා සිදු කිරීම
  • දුකක් දැනෙනකොට කාටද දැනේන්නේ යන්න විමසීම.. මම කවුද යන්නට පිළිතුර ගවේශනය
  • හදවතට දැනෙන සිංදු අහන්න. හදවත විවෘත වෙන දේවල් කරන්න. දුකක වෙලී සිටීම යනු හදවත විවෘත වීමට බාධාවක්. හදවතේ දුක එලියට පිට කර පිරිසිදු කරන සිංදුත් වටිනවා. නිදහස් වීමක් සඳහා.. කණගාටුවෙන් හෝ වේදනාවෙන් කල් ගත කිරීම ඉතා නිෂ්ඵල වැඩක්. අවබෝධයෙන් සිටීම.. ගුණ ධර්ම වැඩෙන ලෙස සිටීම වඩා හොඳයි.
  • තමන් ඇතුලාන්තයෙන් හදාගන්න දේකටයි දුක් වන්නේ කියන එක ක්‍රමයෙන් අවබෝධවීමක් ඇයට වී ඇත. උදා - කඩේ යන කොට වහලා නම් ඒකට කේන්ති ගැනීම. කලින් ඇති කරගත් බලාපොරොත්තු සුන් වීම මත ‍තමයි දුක වේදනාව හටගන්නේ.. බලාපොරොත්තු නිසා... බලාපොරොත්තු වලට බැඳීම නිසා......
  • දුක වේදනාව හට ගන්නේ එලියෙන් හෝ බාහිරෙන් වන දෙයක් නොවේ. ඇතුලාන්තයේන දාගත්තු එක එලියෙන් වෙන්න ඕන කියලා දාගත්තු ගතිය.. 
  • Keep the body as an anchor, කයට සිත පිහිටුවීම, listening to heart intuition, and be playful with understanding the system. Don't grieve; don’t use external options as a solution to loneliness. That means be with you.. Anything happened, and feeling grief means you do it to yourself.. That's a choice.
  • ප්‍රතික්‍රියා නොවේ, ප්‍රතිචාර දක්වන්න. ඔබ වර්තමාන මොහොතේ රැඳී සිටින්න. අතීත වැඩසටහන් හෝ සිදුවීම් සමඟ මුසු වීමෙන් කිලුටු ප්‍රතික්‍රියා අනවශ්‍යයි. yes for the Response  no for the reaction.
  • shadowing.. Observing the bad side of one's own self as well as the good side.
  • මනසට ප්‍රතිවිරුද්ධ දේවල් කිරීම - technique.  But do with responsible
  • එන්න එන්න ජීවිතයේ පාලනයෙන් ඉවත් වීම. මෙහිදී ජීවිතය පිළිබඳ විශ්වය පිළිබඳ විශ්වාසයක් ඇති වී තිබීම වැදගත් වේ. ජීවිතය පාලනය කිරීමට නොයාම. ජීවිතයට විශ්වයට යටත් වීම.. surrender.. Surrender,,, surrender.. විශ්වය බුද්ධිමත් බව දැනිම. තමන් එයට යටත් වීම. නිදහසක්
  • අන්ත දෙකම එකක් ලෙස දැකීම. උදා; කෙනෙක් සමග රණ්ඩු වීමක්. දෙන්නම එකම කණ්ඩායමේ බව දැනී යාම. එකම දෙයක් 
  • කෙනෙක්ට අධ්‍යාත්මයයි භෞතිකයයි යන දෙකම එක්ක ජීවත් වනවා නම් ඒක දක්ෂ කමක්. දුලබයි.
  • ස්තූතිවන්ත වෙන කෙනෙක්. තමන්ට කුමක් වුවත් ඒ දේ වුනේ ඇයි ඒදේ නුත් ස්තූතිවන්ත වන්න ක්‍රමයක් බලයි. පැමිනිලි නැගීම ‍හෝ දොස් කීම වෙනුවට ඒ දෙයින් යහපත් පැත්තට නමන්නට .
දිල්මි මහදුරගේ වීඩියෝවකින් උපුටා ගැනීමක්

No comments:

Post a Comment

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...