මැරෙන මොහොතේ යමෙක්ට මේ සා දුකක් දුන් මේ ජීවිතය ඉවර වීම ගැන කැමති වන්න. උදා වන මරණයට කැමති වන්න.
අමතර
උපුටා ගැනීම: youtube.com/watch?v=cA2f5U_HB0Y&t=3s
බුදු ගුණ පමණක් පැය 11 ක ධර්ම දේශනාව https://www.youtube.com/watch?v=-ejpWSbxJ2Y
- යමෙක් සෝවාන් මාර්ගපලයට පත්වී සිටී නම් ඒකාන්තයෙන්ම මරණින් මතු සුගතිගාමී වෙයි.
- යමෙක් ශ්‍රී සද්ධර්මය සැදැහැ සිතින් යුතුව දරා ගෙන සිටී නම් මරණින් මතු සුගතිගාමී වෙයි.
සිත හදාගන්න අපහසු පින්වතුන්ට සිත පුරුදු කර තබා ගත හැකි කරුණු
- බුදුරජානන් වහන්සේ අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
- ධර්මරත්නය අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
- සඟරත්නය අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
- මම තෙරුවන් සරණ ගියා
- මට ඇති එකම සරණ තෙරුවන් සරණයි
- රන්මැලි සෑය, ජය ශ්‍රී මහා බෝධිය නිතර මම වැඳ ගත්තා
- වෙහෙර විහාර කරවන්න උදව් කළා
- නිතර ධර්මය ඇහුවා
- ධර්ම දානය දුන්නා
- මේ මේ පින් කම් කළා
- ඒ නිසා මනුස්ස ලෝකයේ ගොඩාක් පින් කරගත්ත කෙනෙක් උනා
- සාංගික දාන දුන්න කෙනෙක්
- බොහෝ උපකාර කල කෙනෙක්
- අසරණයන්ට පිහිට උන කෙනෙක්
- යම් තැනක සත්පුරුෂයෝ ඇත්ද එතන මාගේ උපත වේවා. ආදී ලෙසින් ඉහත ආකාරයට සිහිපත් වීමට සිත පුරුදු කොට තබා ගන්න.
- එනිසා මම මැරුණට පස්සේ නරක ලෝකයක යන්නෑ. සත්පුරුෂයෝ ළගටමයි යන්නේ. නිවණටම නැඹුරු වීම මිස අන් දෙයක් නැත
උපුටා ගැනීම: youtube.com/watch?v=cA2f5U_HB0Y&t=3s
බුදු ගුණ පමණක් පැය 11 ක ධර්ම දේශනාව https://www.youtube.com/watch?v=-ejpWSbxJ2Y

No comments:
Post a Comment