Sunday, 7 September 2025

6 සහ 7 වන භාවනා වැඩසටහන ඇසුරින් සටහන් කරන්නට සිතුණු ඇතැම් කරුණු

 v  කණ්නාඩියේ උපමාව ගැන මෑණියන් වහන්සේ පෙන්වා දුන් දේ.

අරණ දම්ම ස්වාමින් වහන්සේගේ කන්නාඩියේ උපමාව කමටහන. කණ්නාඩියක් දෙස බැලුවොත් හැම මොහොතම වෙනස්බව දැක ගත හැක. ඒ ඒ මොහොතේ තිබෙන විදිය විද්‍යාමාන වේ. හැමවිටම අනිත්‍යතාවය දකිමින් අතීතයේ ජීවත් වීමක් බලාපොරොත්තු වෙන්න බෑ කණ්නාඩියේ ප්‍රතිබිම්භයේ. මෙලෙසින් ආයතන සය කණ්ණාඩි සයක් ලෙස ගන්න. ඒ ඒ මොහොතේ පවතින දේ ඒ මොහොතේම නැති වී යයි. කිසි දෙයක් අල්ලා ගන්නට මම මගේ යැයි ආත්ම ලෙස ගන්න දෙයක් නොමැත.

ඇස කණ නාසා දී ප්‍රසාදයන් මත කන්නාඩියක් ඇති බව දකින්න.

රාමු වලට කොටු වී තිබෙන අයුරු - මානසිකව සිර කර දැමු රාමු සියල්ල කඩා දැමු දින ඔබට යහපතම වේ. සිපිරි ගෙයින් මිදෙන්න.

 

v  Terrace එකේ දී වැටේ ප්‍රතිබිම්බය - උදේ අහස දෙස බලා සිටින මට එතනට වැටද ඇසට ග්‍රහනය වී ඇත. ඇස මදක් උඩට කරකවන ලද මොහොතේ අහසේ වැට වලාකුලු වලින් මෙන් සුදු පාටින් මැවුණි. එය ඇසේ විද්‍යාත්මක ස්වභායක්ම විය යුතුය. එය සාමාන්‍යයෙන් සිදු ‍වන දෙයක්. ඉදින් ටික වෙලාවකින් මිනිසුන් දිව්‍යලෝක වල ස්වභාවය විස්තර කරන කථා චිත්‍රපටි හෝ යමක් මතක් වී ඔවුන් ගේ විමාන මැදුරු වට වූ සීමාව වලාකුළු වැට දැකීමෙන් උපමා කොට ඔවුන් සිටින්නේ ඔවුන් හදාගත් සීමාවකය. එය විමානයක් වුවද එය සිර කුටියකියි සිතුණි. ‍එලෙසම මිනිසුන් ‍ගොඩනැගිලි ආදිය හදාගෙන වංකගිරි වගේ රාමු වල ඇවිදී. එහි හිරවී සිටී.ඉන් එහා ලෝකයක් ගැන සිතීමට වගක් නැත. මෙලෙස සත්වයා තම තමාට ලෝකයක් මවාගෙන සිර වී සිටී. මෙලෙස දැකීම තුලින් සත්‍යයට වඩා ගෝචර බව සිතුණි.

  

v  බෝතලේ උපමාව - හිස් බෝතලයක් ඉදිරියෙන් තබා ඉන් බාහිර අවකාශයත්, අභ්‍යන්තර අවකාශයත් කියලා වෙන් කරගන්නට සුදුසුද.. බෝතලය අපි මවා ගත් රාමු වේ. නමුත් එහෙම රාමුවක් නැත. අවකාශය නම් එකක්මය. වෙන් කරන්නට දෙයක් නැත.

 

v  ප්‍රත්‍යක්ෂය - ප්‍රත්‍ය ක්ෂය වීමය. අප යා යුත්තේ ඒ දෙසටය.

 

v  සමස්ථයක් බවට දැකීමට ස්වාමින් වහන්සේගේ අතීතයෙ කර ඇති උපායන් - ජලය බැස යන ස්ථාන වල වාඩි වී බැස සිටීම තුලින් ජලය බවට පත්වීමට ගත් උත්සාහය.. වැස්සේ නො‍සෑහෙන්න තෙමීමෙන් වැස්ස බවට පත්වීමට ගත් උත්සාහයක් (මෙහිදී මට තේරී ගිය ආකාරයට සඳහන් කර ඇත.)

 

v  ආයුධයක් ලෙස භාවනාද(ආනාපාන භාවනා කරන්නෙක්ට එහි ලබන සංකීර්ණ තැනකදී වැරදි පැත්තකට වැඩෙන විටකදී, ආයතන භාවනාවට බැසීම). චෛතසික වලට ප්‍රතිවිරුද්ධ චෛතසික උත්සන්න කරගෙන සමබර කර ගැනීමට ගත් උත්සාහයන් (ස්වාමින් වහන්සේ  අතීතයේදී ද්වේශය උත්සන්න වීම වැඩිපුර සිදු වන ස්වභාවයක සිටියදී... උන්වහන්සේ රාගයට බොහෝ සෙයින් බර නැති බව දන්නා නිසා.. අර අවස්ථාවේදී රූප සටහනක් (මතකයේ පැත්තක තබා තිබෙන) මතකයට ගෙන රාගය උත්සන්න කිරීම තුලින් ‍පහසුවෙන් පසුනොබසින ද්වේශය මැඩ පැවැත්වීමට ගත් උපාය. මෙහිදී මට මතක් වන දෙයක් වන්නේ අප ජීවත් වන කාලයේදී අපට හමු වන ඉතාම කාරුණික ඉහල vibration දැනෙන කෙනෙක් ගාව අප නවතින හැටි.. ඔවුන්ට අවනත වන හැටි. හදවත සීතලෙන් නිවී සැනසෙන අවස්ථා කලාතුරකින් දකින අවස්ථා ඇත. එහෙම දැනුනු කලක අප මහා තථගතයාණන් වහන්සේගේ සිසිලසේ සාපැටවුන් සේ දමනය වන ලෝ සත්වයාගේ සැනසීම මතක් වු බව මතකයක් සේ ඇත. ඉදින් අපට විවිධ කටුක අවස්ථා වල සාර්ථකව මුහුණ දීමට මෙවන්දේ උපායන් ලෙසද යොදා ගත හැකි නේදැයි සිතේ.. දිනක් මධ්‍යහ්න කාලයේ බලවත් හිසරුදාවක් සහිතව බසයට ගොඩවූ මට (දැනට අවු 06 ක් පමණ ඉහත දී) විජය කුමාරතුංගයන්ගේ ලයාන්විත සිංදුවක් ඇසුණි. එය ඉවර වී තිබෙන කාලය තුල හිස කැක්කුමද පහවී තිබුණි. 

 

v  කියන්න කලින් සිතීමේ පුරුද්ද - සිහිය පැවැත්වීමක් මෙහිදී සිදුවේ. තවද දිගුකාලීන බාධා ඉවත් කරගැනීම හා නිහඩ තාවය රැකීමට අවස්ථාවක් සොයා ගැනීම.

 

v  ස්වාමින් වහන්සේගේ භාවනා කමටහන් උපදෙස්, (මෙහිදී මට තේරී ගිය ආකාරයට සඳහන් කර ඇත.)

ආයතන දෙස බලා සිටීමෙන් ආයතන හරහා කථා ගෙතීම වැලකී යාම.. තවදුරටත් අරමුනු ගැනීමෙන් අඩු වීම.. හිස් වන මට්ටමට යාම.. ඒ නිවීමට කැමති වීම.. ශූන්‍යතාවයට අනුග්‍රහ කිරීම.. නිවනට ඍජුව බැසීම.

 

v  පුන්සිසි මහත්තයා සිහිපත් කරන උපාය - තොල් මත හෝ නාසිකාග්‍රය මත සිහිය පිහිටවීම නම් සති නිමිත්ත අවශ්‍ය විට ඉදිරියට ගැනීමේ උපාය

 

v  කතාවෙන් වැලකීමේ උපායන්

·         තමන් විසින් උඩගෙඩි දීම මත තමය කතාවක් දිග් ගැස‍්සෙන්නේ. කෙනෙක් යමක් කියනවා නම් එයට පිළිතුරු යෝජනා ඉදිරිපත් නොකර සිටීම.

·         තමන්ගේ වැඩක් බලාගෙන - හුම්... එහෙමද... ලෙස සිටීම

·         චින්තා මිස්ගේ විදිය - එයාට ගොඩක් incident පිළිබඳ නොදැන සිටීම. අවදානය තමාගේ නිවුනු සැනසුන වැඩ පිළිවෙලටම බොහෝම හුදකලාවම ඇසුරු කරමින් වාසය කිරීම. තමන් උගන්වන පංතියේ ලඟ ම තැන ලොකු ලොකු සිද්ධි වගයන් වෙලා පොලිසියෙන් ඇවිත් සේරම ඉවරත් වෙලා එයා දන්නේ නෑ කිව්වා. එතනදී එයාට බොහෝ සෙයින් කෙලෙස් ඉපදීම හිස් කථාව අනවශ්‍ය අය සමග සුහද වීම කතාවට යාම විවිධ කර්ම වලට කර ගැසීම අනවශ්‍ය මැදිහත් වීම් ආදිය සිදු නොවීමත් ඇයගේ පවත්වාගෙන යන හුදකලා වටපිටාවට හානි නොවීම හා නිවනට බාධා කර නොගැනීම යන අර්ථයන් සිදු වී ඇත.

·         අප වෙත විවිධ බාධා ඒම් නවතාගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීම, ප්‍රතික්‍රියා නොකර සිටීම, නිවන‍ට පිට දේ නොසෙවීම, ප්‍රඥා ගෝචර දේට කැමතිවීම යහපති.

·         මිනිසුන්ගේ පුරුදු දේවල් තමා සමග ගොඩනගා ගැනීමට නොවන සේ සිටීම. උදා - නිකරුනේ කතාවට ඒම. තමන් සම්බන්ධ නැති දේවල් ගැන ආරංචි දැනගැනීමට පැමිනීම.. මෙවන් විටක තමන් සිටින කටයුත්තේ වඩාත් නිමග්නව කිරීම සහ තමාට බාධා කිරීමට යමෙක් මැලි කමක් ඇති වී තිබෙන විකල්පය ගැනීමට එයාලට අවස්ථාව දී ඔවුන්ගේ පුරුද්ද කැඩීම. දිගු කාලීන උපාය මාර්ග වලින් දිගුකාලීක බාධා වලකා පරිසරය උදා කර දීම.

 

v  සූ මහත්තයා terrace එකේ රාත්‍රී අහස දෙස බලා සිටීමේ session එකේදී අපටද ඇසෙන සේ දුන් සිහි උපැදවීමේ වදනක් - ආලෝක වර්ෂ ගණනාවකට පෙර සිදුවූ සන්සිද්ධියක් වන තරුවක ආලෝකය අප මේ‍ මොහොතේ බලා සිටින්නේ සත්‍යයක් ලෙසය. නමුත් සත්‍ය වන්නේ එම තරුව ලෙස දිස්වන ජායාව හටගෙන නිරුද්ධ වී බොහෝ කල් ගතවී ඇති බවකි. ආලෝක වර්ෂ ගණනාවක දුර සිට බලන අපට අතීතයේ සමහර විට විනාශවී ගිය තරුවක් තවමත් ඇතැයි මුලාවට පත් කරන වර්ණ ඡායාවට රැවටී ඇති අයුරු... මෙහෙම බලන විට ලෝ‍කයේ සියල්ල මායාවන්ම වන නමුත් අප ඇතැයි ද්විත්වයක් හදාගෙන මුලාවෙන් නොමිදී මිය යන සත්ව ගණයට වැටීමේ මෝඩ කම දැක ගත හැක.

 

v  General deshana ඇසුරින්

·         සියළු දේ හේතු ළුල දහමට බහා බැලීමෙන් සිත සැහැල්ලුව පවත්වා ගැනීම

·         කය මත සිහිය පිහිටු‍වීමෙන් විපාක මට්ටම අඩු කර ගැනීමේ උපාය - නිවන් දකිමු channel එකේ දේශනාවක්


උක්ත සඳහන් කරුණු වල යම් දෝෂයක් වේ නම් අදහස් දක්වන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

No comments:

Post a Comment

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...