සාදු සාදු සාදු!!!
චඞ්ක්‍රමදායක ස්ථවිරාවදානය
( පිනැත්තෝ සක්මන් මලු පූජා කරගනීවා )
මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි.
එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය.
නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය:
මේ වැලි දීමේ හේතුවෙන් ද, සක්මන මැනැවින් කළ හේතුවෙන් ද සත්රුවනින් යුත් වැලි (පරිභෝගයට) ලබන්නේ ය.
තුන්කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
මිනිස්ලොවට පැමිණි රටෙහි රජ වන්නේ ය. හෙතෙමේ තෙවරක් පෘථිවියෙහි සක්විතිරජ වන්නේ ය” (කියායි).
එක්දහස්අටසියවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් කර්‍මයක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. චඞ්ක්‍රමදානයාගේ මේ විපාකය යි.
ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ක්‍රමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සාදු සාදු සාදු!!!
මුහුණු පොතේ මධූ ආරියවංශ පින්වතියගේ ලිපියකින් උපුටා ගන්නා ලදි.
Subscribe to:
Post Comments (Atom)
බුදුගුණ භාවනාවෙන් සමාධියට කමටහන්
උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map: Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...
-
උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map: Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...
-
ඔබ ඇත්තටම බුදන් දකින්න කැමතියි නේද ? සිරිපා කමල වැඳගන්න කවුරුත් බොහෝම කැමතියි. එකල මුතුන් මිත්තන් තම ඉඩකඩම් දරුවන්ට ලියලා දිවි පරදුවට...
-
v කණ්නාඩියේ උපමාව ගැන මෑණියන් වහන්සේ පෙන්වා දුන් දේ. අරණ දම්ම ස්වාමින් වහන්සේගේ කන්නාඩියේ උපමාව කමටහන. කණ්නාඩියක් දෙස බැලුවොත් හැම මොහ...

No comments:
Post a Comment