Sunday, 3 July 2022

මේ සසර කියන්නේ ඉන්න ඕනි තැනක් නොවේ. ඉක්මනින් ගැලවිලා යන්න වෙර වඩන්න



තෙරුවන් සරණයි ..පිංවත් මිතුරනී ...දවසින් දවස මිනිසුන්ගේ හිරි ඔතප් අහිමි වී යද්දි.මනුස්ස ගුන කෙලෙසිලා යද්දී..අනුකම්පාව .කරුනාව.වරදට සමාව දීම .අවවාද පිලිගැනීම .මෙත් සිත ආදි ගුන දහම් අහිමි වෙලා රුදුරු බව .කෲර බව මිනිස් හදවත් ගිල ගනිද්දි ලෝකය තුල සැනසීමක් සොයනු එපා...තෙරුවන් සරණ නොගිය පෘතක්ජන ලෝක සත්වයා රාගයෙන් මත්වෙලා .ද්වේශයෙන් ඇවිලෙමින් .මෝහයෙන් අන්ද වී දිව යති හති හල හලා..සත්පුර්ෂ කල්‍යාණ මිත්‍රයන් හමු වීම ඉතා දුර්ලභයි .කල්‍යාන මිත්‍ර ඇසුර තුලමයි ජීවිතය පවත්වන්න ඕනි...ගුනධර්ම ඇතිකරගන්න මයි වෙහෙස වන්න ඕනි...ජීවිතයේ යතා තතු දැකගන්න මයි වෙර වඩන්න ඕනී..මේ දුක්කිත සසරින් ගැලවෙන්න මයි දහමෙ හැසිරෙන්න ඕනි....අසූජි පොඩ්ඩක් තිබුනත් ගදයි...ඒ වගේ භවය කොතනක සකස් උනත් දුකක්ම තමයි..මේ සසර කියන්නේ ඉන්න ඕනි තැනක් නොවේ..ඉක්මනින් ගැලවිලා යන්න වෙර වඩන්න ....භාගයවතුන් වහන්සේගේ බුද්ධ වචනය හිස මත තබාගෙන මහා සද්ධවෙන් යුතුව භාගයවතුන් වහන්සේ පෙන්වපු නිවන් මගේ ගමන් කරල මේ තුච්ච නින්දිත .නීච .සසරින් ගැලවිලා යන්න..තෙරුවන් සරණයි .

පිනැත්තෝ සක්මන් මලු පූජා කරගනීවා

සාදු සාදු සාදු!!!
චඞ්ක්‍රමදායක ස්ථවිරාවදානය ( පිනැත්තෝ සක්මන් මලු පූජා කරගනීවා ) මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි. එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය. නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය: මේ වැලි දීමේ හේතුවෙන් ද, සක්මන මැනැවින් කළ හේතුවෙන් ද සත්රුවනින් යුත් වැලි (පරිභෝගයට) ලබන්නේ ය. තුන්කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය. මිනිස්ලොවට පැමිණි රටෙහි රජ වන්නේ ය. හෙතෙමේ තෙවරක් පෘථිවියෙහි සක්විතිරජ වන්නේ ය” (කියායි). එක්දහස්අටසියවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් කර්‍මයක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. චඞ්ක්‍රමදානයාගේ මේ විපාකය යි. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ක්‍රමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සාදු සාදු සාදු!!!
මුහුණු පොතේ මධූ ආරියවංශ පින්වතියගේ ලිපියකින් උපුටා ගන්නා ලදි.

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...