💫 කායපාගුඤ්ඤතාව හා චිත්ත පාගුඤ්ඤතාව💫
ශෝභන චිත්ත සම්ප්‍රයුක්ත චෛතසිකයන් ගේ නො ගිලන් බව කායපාගුඤ්ඤතාවය ය. ශෝභන චිත්තයාගේ නො ගිලන් බව චිත්තපාගුඤ්ඤතාවය ය. විචිකිත්සාදි ක්ලේශ ධර්මයන් නිසා කුශල පක්ෂයේ දී සිත රෝගාතුර වූවක සේ දුබල වේ. කාය චිත්ත පාගුඤ්ඤතා චෛතසික දෙක චිත්ත චෛතසිකයන් දුබල කරන කුශලයට නුහුරු කරන ඒ ක්ලේශයන්ට ප්‍රතිපක්ෂයෝ ය. යමකු ගේ සන්තානයෙහි ඒවා දුබල නම් ඔහුගේ සිත කුශල කරණයට බට කල්හි ගැඹුරු දියට බට පිහිනුම් නො දන්නකු සේ වහා වෙහෙසට පත් වෙයි. ඔහුට රිසි සේ කුශලයෙහි නො යෙදිය හැකි වේ. ඒ චෛතසිකය බලවත් තැනැත්තාට රිසි සේ සිත පින් කිරීමෙහි යෙදවිය හැකි වේ.
උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group
No comments:
Post a Comment