💫 කායකම්මඤ්ඤතාව හා චිත්ත කම්මඤ්ඤතාව💫
ශෝභන චිත්ත සම්ප්‍රයුක්ත චෛතසිකයන්ගේ කර්මණ්‍ය භාවය කායකම්මඤ්ඤතාවය. ශෝභන චිත්තයා ගේ කර්මණ්‍යතාව චිත්තකම්මඤ්ඤතාවය. කර්මණ්‍යතාව යනු පිරිසිදු රත්තරන් ඕනෑ ම සියුම් කර්මාන්තයකට යෝග්‍ය වන්නාක් මෙන් ඔරොත්තු දෙන්නාක් මෙන් ශෝභන චිත්තයේ හා සම්ප්‍රයුක්ත චෛතසිකයන්ගේ දානාදි පුණ්‍ය ක්‍රියා සම්පාදනයෙහි රිසි සේ තැබිය හැකි පැවැත්විය හැකි ස්වභාවයයි. පුණ්‍යක්‍රියා විෂයෙහි චිත්ත චෛතසිකයන් ගේ අකර්මණ්‍ය භාවය කාමච්ඡන්දාදි නීවරණයන් නිසා සිදු වන්නකි. කාය චිත්ත කම්මඤ්ඤතාවෝ චිත්ත චෛතසිකයන් පුණ්‍ය ක්‍රියාවන්ට අයෝග්‍ය කරන කාමච්ඡන්දාදීන්ට ප්‍රතිපක්ෂයෝ ය. යමකුගේ සිත්හි මේ චෛතසික දෙක දුබල වේ නම්, ඔහු ගේ සිත කුසල් කිරීමේ දී උඩු සුලඟට විසි කළ වී පොතු රැසක් මෙන් ඉදිරියට ගමන් නො කොට ආපසු එන්නේ ය. ඒවා බලවත් තැනැත්තා ගේ සිත පින් කිරීමෙහි දී උඩු සුළඟට ගැසූ ගල සුළඟ කපා ගෙන ඉදිරියට යන්නාක් මෙන් කෙලෙස් සුළඟ කපා ගෙන ඉදිරියට යන්නේය. නො පසු බස්නේ ය.
උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group
No comments:
Post a Comment