නොපමාව කුසල් දහම්හි යෙදිය යුතු වෙයි.
ප්‍රමාදය තරම් අයහපත පිණිස පවතින තවත් දෙයක් නොමැති බවත්
අප්‍රමාදය තරම් යහපත පිණිස පවතින තවත් දෙයක් නොමැති බවත්
අප තිලෝගුරු සම්මාසම්බුදු රජාණන් වහන්සේ වදාරා ඇත්තේය.
දහමේ හැසිරීම පිණිස කලයුතු දේ අද අදම කල යුතුය. මරණය කොයි මොහොතේ එයි දැයි කව්ද දන්නේ?
ක්ෂනසම්පතියෙන් යුතුව යම් මනුස්සයෙක් ඉපදුනා නම් එයයි සුභ මොහොත! යමෙක් කුසලයක් කරන්ට යම් මොහොතක කටයුතු කරයි නම් එයයි සුභ මොහොත! ප්‍රමාද නොවී ධර්මයේ හැසිරෙන්න.
මනුස්ස ජීවිතයක් ලැබී බුදු ශාසනයක පිලිසරණ ලබන්න ඉතාම කෙටිකලකට අපට අවකාශයක් ලැබී ඇත. නමුත් මේකෙන් ප්‍රයෝජන ගන්න පිරිස ඉන්නෙත් බොහොම ටිකයි.
බුදුරජානන් වහන්සේ ලස්සන ගාථාවකින් වදාළා,
" මනුස්ස ලාභං ලද්ධාන සද්ධම්මේසු පවේදිතේ" - මනුස්ස ජීවිතයක් ලබල මනා කොට දේශනා කරන ලද ධර්මයත් ඇසෙත්දිත්
"යේ කනං නාදි ගච්චන්ති අතිනාමෙන්ති තේ කනං" - ඒ ක්ෂන සම්පත්තිය නම් අත්හැර ගන්න එපා. ඒ ක්ෂණ සම්පත්තිය ඉක්මවා යන්න දෙන්න එපා. සත්පුරුෂයෙක් ඇසුරු කරන්ට ලැබිච්ච අවස්ථාව,
කල්‍යාන මිත්‍රයෝ ඇසුරු කරන්ට ලැබිච්ච අවස්ථාව,
පින් කරගන්ට ලැබිච්ච අවස්තාව,
ධාතු වන්දනා කරගන්ට ලැබිච්ච අවස්ථාව,
සංඝයාට දන් පුදන්න ලැබිච්ච අවස්ථාව,
සතිපට්ඨානය වඩන්ට ලැබිච්ච අවස්ථාව මේක මග හැරගන්න එපා කියා වදාළා.
"බහුහි අක්කණා වුත්තා මග්ගස්ස අන්තරායිකා" - මේ මාර්ගය අහිමි වන අන්තරායකර අවස්ථා ගොඩක් ඇත. (නිරය, ප්‍රේත,තිරිසන් ලෝක වල ඉපදුනත් දීර්ගායුෂ තිබෙන දෙව්ලොවක වන අසංඥ තලයේ ඉපදුනත්, ප්‍රත්‍යන්ත ප්‍රදේශයක බුදු බන ඇහෙන්නේ නැති තැනක ඉපදුනත්, මන්ද බුද්ධික වී ඉපදුනත්, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනත් අහිමි ය.)
"කදාචි කරහචි ලෝකේ උප්පජ්ජන්ති තථාගතා" - තථාගතා බුදුරජානන් වහන්සේ කෙනෙක් ලෝකයේ උපදින්නේ ඉතාම කලාතුරකිනි. කල්ප සීයකටත් බුදුරජානන් වහන්සේලා දුර්ලභය.
"තස්සි නම් සම්මුඛී භූථං යං ලෝකස්මින් සුදුල්ලභං" - බුදුරජාණන්වහන්සේගේ බණපද ඇසීමත් මනුස්සභාවයත් යම් කලෙක සම්මුඛ වීමත් / එකතු වීමත් එය ලෝකයේ ඇති අතිශය දුර්ලභම දෙයකි.

තමන්ගේ යහපත කැමති නම් එවන් අවස්තාවක් ලද මොහොතේ මනුෂ්‍යයාට ධර්මයේ හැසිරෙන්න වෑයම් කරන්නැයි බුදු රජාණන් වාන්සේ වදාළා.
නැතිනම් මහා දරුණු දුක් නිරයේ විඳින්ට වෙනවා.
සරල උදාහරණයක් අපි අරගෙන බලමු. අවුරුදු 50න් 50ට වගේ මේ පාරවල් වෙනස් වෙනවා. ඒ පාරවල් වල ගමන් කරපු අය නෙවෙයි තව අවුරුදු 50කින් 60කින් ගමන් කරන්නේ. දැන් තියෙන නිවාස එදාට වෙන පිරිසකගේ නවාතැන් වෙනවා. තව අවුරුදු 60කින් පමණ වනවිට අපි කව්රුත් වගේ මෙලොව හැර ගිහින්.
යහපතේ යෙදි යෙදී සිටියත් මෙලොව හැර දා යන්න වෙනවා.
අයහපතේ යෙදි යෙදී සිටියත් මෙලොව හැර දා යන්න වෙනවා.
උදාහරණයක් ලෙස අතීතයේ සිදුවූ සිද්දියක් විමසා බලමු.
දිනක් නාරද මහා රහතන් වහන්සේට සෑ රජාණන් වහන්සේ දෙස බලාගෙන අමුතු සත්වයෙක් දරුණු වේදනා, වද හිංසා ඇතුව සිටිනවා දැක ගන්ට ලැබුණහ. ඒ ගැන විමසුවාම ඒ සත්වයා තමන් සිදු කරන්ට යෙදුණු පව්කම විස්තර කලා. තමන්ගේ කට කපන්න ඕනි දෙයක් කිව්වාය කියල. තමන් මනු ලොව ඉන්න කලෙක තම බිරිඳට හා ගෙදර පිරිසට සෑ රජු වන්දගන්ට යන්ට ලේස්ති වූ ගමන වලක්වා තමන් ගෙදර පිරිසට කන්න දෙන කෙනා නිසා ඒ වෙනුවෙන් තමන්ට වඳින ලෙස පවසමින් සෑ රජු වන්දගන්ට යෑම තහනම් කරන ලදී.
ගෙදර පිරිස කොහි සිටිත්දැයි මහරහතන් වහන්සේ විමසූ කල,

තමන්ගේ ගෙදර හිටි බිරිඳ සහ නැන්දම්මා විසින් සෑ රජු වන්දනා කරගත් පිනෙන් දිව්‍ය ලෝකයක ඉපදී සැමදාම වගේ දිව්‍ය රථයේ නැගී චාරිකාවේ යන හැටි දකිමියි යයි කියන ලදී.
යමෙක් ක්ෂණ සම්පත්තිය වරදවා ගැනීම වෙළෙන්දෙකුගේ ව්‍යාපාරය වරදවා ගත්ත වගේ කියා. වටිනාම දෙයක් අහිමි කරගත්ත වෙයි.
ක්ෂනසම්පතියෙන් යුතුව යම් මනුස්සයෙක් ඉපදුනා නම් එයයි සුභ මොහොත. යමෙක් කුසලයක් කරන්ට යම් මොහොතක කටයුතු කරයි නම් එයයි සුභ මොහොත. ප්‍රමාද නොවී ධර්මයේ හැසිරෙන්න.
ඇතැමෙකුට මේ ජීවිතයේදීම මර්ගපල ලබයි. ඇතැමෙකු සතර අපායෙන් බැහැර වෙයි. ඇතැමෙකු ක්ෂණ සම්පත්තිය රැක ගනියි. ඇතැමෙකු මතු භවයෙක සුවසේ නිර්වනාවබෝධය කරත්.
ශ්‍රද්ධා ටීවී ඔස්සේ දේශනා කරන්ට යෙදුනු උතුම් ධර්ම දේශනාවක් ඇසුරිනි.
https://www.youtube.com/watch?v=Y18dfMjurHQ
නමෝ බුද්ධාය!
සාදු! සාදු! සාදු!

No comments:
Post a Comment