සමථ විපස්සනා
ලොවෙහි ඕනෑම කෙනෙකුට පිහිටට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකකි.එනම් සතිය හා යෝනිසෝ මනසිකාරයයි.
සතිය යනු සිහියටයි.
යෝනිසෝ මනසිකාරය යනු උපදින තැන ගැන පවතින මනසිකාරය
හටගත්ත තැනම සිට පැවතීමයි.
කෙනෙකුට දියුණු කරගන්නට තියෙන්නේ දෙකකි. එනම් සතිය හා යෝනිසෝ මනසිකාරයයි.
මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකකි. නාමයයි, රුපයයි. මුළු විශ්වයම තියෙන්නේ එපමණි.
නාමය යනු සිත හා සිතුවිලි වෙයි. රුපය යනු අන් සියලුම දේ සතරමහා ධාතු හෙවත් ශුද්ධාත්මක කලාප නොහොත් ශක්තී 4කි.
අපට බෙදන්න සම්මර්ශනය කරන්න තියෙන්නේ කරුණු දෙකයි. ඒ නාමයයි, රූපයයි.
ඉවත් කරන්න තියෙන්නේ කරුණු දෙකයි. එනම් අවිද්‍යාව හා තණ්හාවයි.
මේ සම්බුද්ධ ශාසනය තුල සසර දුකින් එතෙර වීම පිණිස සත්‍ය අවබෝධ කරගන්න සම්පුර්ණ කරන්න තියෙන්නේ කරුණු 8කි.
එයින් පසු තවත් කරන්නට දෙයක් ඉතිරි නොවේ.
පංච නීවරණ ධර්ම සිතින් බැහැර කර යම් කාලයක් සිටින්නට පුළුවන් නම් එය සමථයයි.
මෙපමණ කාලයක් නිවණ වසා ගෙන සසරට බැඳ දුකට පත් කලේ නීවරණ ධර්මයි.
සිත වෙලී තිබෙන්නට වසා තැබීමට උපකාර කර සසරේ අතරමන් කරයි.
කාමච්ච්න්දය - කාමයට ඇති කැමැත්ත ( ඇස, කන, නාසය ... පිනවීමට ඇති කැමැත්ත)
කාමය 2කි. වස්තු කාමය, ක්ලේශ කාමය

No comments:
Post a Comment