Thursday, 18 July 2019

සමථ විපස්සනා


සමථ විපස්සනා

ලොවෙහි ඕනෑම කෙනෙකුට පිහිටට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකකි.
එනම් සතිය හා යෝනිසෝ මනසිකාරයයි.
සතිය යනු සිහියටයි.
යෝනිසෝ මනසිකාරය යනු උපදින තැන ගැන පවතින මනසිකාරය
හටගත්ත තැනම සිට පැවතීමයි.
කෙනෙකුට දියුණු කරගන්නට තියෙන්නේ දෙකකි. එනම්  සතිය හා යෝනිසෝ මනසිකාරයයි.
මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකකි. නාමයයි, රුපයයි. මුළු විශ්වයම තියෙන්නේ එපමණි.
නාමය යනු සිත හා සිතුවිලි වෙයි. රුපය යනු අන් සියලුම දේ සතරමහා ධාතු හෙවත් ශුද්ධාත්මක කලාප නොහොත් ශක්තී 4කි.
අපට බෙදන්න සම්මර්ශනය කරන්න තියෙන්නේ කරුණු දෙකයි. ඒ නාමයයි, රූපයයි.
ඉවත් කරන්න තියෙන්නේ කරුණු දෙකයි. එනම් අවිද්‍යාව හා  තණ්හාවයි.
මේ සම්බුද්ධ ශාසනය තුල සසර දුකින් එතෙර වීම පිණිස සත්‍ය  අවබෝධ කරගන්න සම්පුර්ණ කරන්න තියෙන්නේ කරුණු 8කි.
එයින් පසු තවත් කරන්නට දෙයක් ඉතිරි නොවේ.

පංච නීවරණ ධර්ම සිතින් බැහැර කර යම් කාලයක් සිටින්නට පුළුවන් නම් එය සමථයයි.
මෙපමණ කාලයක් නිවණ වසා ගෙන සසරට බැඳ දුකට පත් කලේ නීවරණ ධර්මයි.
සිත වෙලී තිබෙන්නට වසා තැබීමට උපකාර කර සසරේ අතරමන් කරයි.
කාමච්ච්න්දය - කාමයට ඇති කැමැත්ත ( ඇස, කන, නාසය ...  පිනවීමට ඇති කැමැත්ත)
කාමය 2කි. වස්තු කාමය, ක්ලේශ කාමය

Friday, 12 July 2019

දීමෙන් අපාගත වන දෑ


දීමෙන් අපාගත වන දෑ

 01. මත්පැන් මත් ද්‍රව්‍ය
02.  ලාමක සතුට සඳහා දන් දීම්
03. ලාමක සතුට සඳහා ස්ත්‍රීන් දීම්
04. යාග පිණිස ගවයන් දන් දීම
05. කෙලෙස් උපදවන සිතුවම් දන් දීම
06. අවි ආයුධ දන් දීම
07. වස විස දන් දීම
08. මාංචු දන් දීම
09. බලි පිණිස ඌරං කුකුලන් දන්  දීම
10. තරාදියෙන් මිම්මෙන් රවටා දන් දීම

ශ්‍රමණ ගුණ


ශ්‍රමණ ගුණ

ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත බව
ඉවසීම හා කීකරුකම
හුදකලාවේ විසීමට කැමති බව
තනි වාසයට ඇලෙමින් භාවනා ශීලී බව
පවට ලැජ්ජාව හා භය
සතර සම්යක්ප්‍රදාන වීර්යෙන් යුතු බව (උපන් කුසල් වැඩි , නුඋපන් කුසල් ඉපදවීම , උපන් අකුසල් දුරු කිරීම , නුපන් අකුසල් නුඋපදවීම)
අප්‍රමාදයෙන් යුක්ත භාව (බන පොත් කියවීම, දේශන කටයුතු , භාවනාව , ධර්මයේ හැසිරීම )
ආභීසමාචරික සීලය(ඇවතුම් පැවතුම් - බුදු රජාණන් වහන්සේට පැන් පිදීම , කරුණාවෙන් කතා කිරීම ,දානෙට වඩින එක වගේ ..)
ආධිබ්‍රහ්මචරියා සීලය(සමාදන් වූ සිල්පද - 227 වූ සිල් පද, ශික්ෂා පද රැකීමට වීර්ය, කුසල ධර්මයන් කෙරේ ඇලුණු සිත් ඇති බව .,සීලාදියේ බලවත්ව ඇලි සිටීම, පංච කාමයෙහි සිව් පසයෙහි ආල රහිත බව., ආභීසමචාරික සීලය හා ආධිබ්‍රහ්මචරිය සික්ෂාපද පිරිපුන් කල හැකි බව . )


බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...