ඔබ ඇත්තටම බුදන් දකින්න කැමතියි නේද? සිරිපා
කමල වැඳගන්න කවුරුත් බොහෝම කැමතියි. එකල මුතුන් මිත්තන් තම ඉඩකඩම් දරුවන්ට ලියලා
දිවි පරදුවට තියලා තමයි සිරිපා වන්දනාවට යන්නෙත්. හැබැයි ඒ සැම පූජාවන්ට වඩා බුදු
පියාණන් වහන්සේ වදාල ධර්මය අවබෝධ කරගැනීම තුලින් තමයි ඔබට සැබෑවටම බුදුන් දකින්න
පුළුවන් වන්නේ. ඔබට අවබෝධයෙන් සිරිපා වන්දනා කරගත හැක්කේ. ඉතින් එයට කාලය නෑ
කියන්න නම් එපා. ඔබ ජීවිතයේ මේ තරම් කලක් ගෙවලා ඇති. ඒත් මහා කැපකිරීම කර ලොවට
හෙළිකළ ඒ උතුම් මග පිළිබඳ මාර්ග දර්ශනය පිරිසිදු කර ගන්න උත්සාහ කර නැත්නම් මෙතෙක්
ඔබ ගත කල ජීවිතය වටිනාකමක් නැත. කල් නොදමා අද අදම සුවපත් වූ මගට බැස ගන්න.
ලෞකික සහ ලෝකෝත්තර කියලා මාර්ගය වඩන
අවස්ථා 2ක් තියෙනවා.
ඒ ලෞකික සම්මාදිට්ඨිය උපදවා ගැනීම හා
ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීම
බහුතරයක් බෞද්ධ ජනතාව බුදු දහමේ හරය
වටහාගෙන නෑ. කොච්චර දුර යා හැකිද කියලා දන්නේ නෑ. කරුණාව හා ආදරය පෙරටු කරගත් අන්‍ය
ආගම් අනුගමනය කරන්නන්ගෙන් වෙනසක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
පුද පූජා දාන මාන වන්දනා වලට සීමා විය
යුත්තක් නොවේ මේ අතිවිශිෂ්ඨ බුදු දහමේ ඉගැන්වීම.
බුදු පියාණන් වහන්සේ සත්වගට මහා
කරුණාවෙන් හෙළිකර දුන් නිර්මල සත්‍ය දර්ශනය වහා අවබෝධ කරගන්න ඔය කෙටි මනුෂ්‍ය
ජීවිත කාලය ඉක්ම යාමට මත්තෙන්.
මේ සඳහා ඉතාම සුදුසු සංඝ පීතෘන්
වහන්සේලාගේ නම් කීපයක් ඔබ වෙත කරුණාවෙන් මෙහි දක්වමි.
ලෞකික සම්මාදිට්ඨිය වර්ධනයට හා ලෝකෝත්තර
මාර්ගයට ප්‍රවේශය
නා උයනේ අරිය ධම්ම මහානායක ස්වාමීන්
වහන්සේ
ලෝකෝත්තර මාර්ගයට පියවර තැබීමට ප්‍රවේශය
කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා
කිහිප නමක් මෙසේ සටහන් කරමි. ගෞරවයෙන් යුතුව කැපවීමෙන් යුතුව ඉතා සාවධානයෙන්
අහන්න.
උඩඊරියගම ධම්ම ජීව හිමි
පානදුරේ චන්දරතන හිමි
පූජ්‍ය ඉමදූවේ නන්දරතන හිමි (අභාෂිත Abasitha youtube)
පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමි
පූජ්‍ය අරණධම්ම හිමි
පූජ්‍ය හසලක සීල විමල හිමි
පූජ්‍ය අංගන්ගොඩ පඥ්ඥාවංස හිමි
පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි
පූජ්‍ය නක්කාවත්තේ අසරණ සරණ බුද්ධපරායන හිමි
මේ දක්වා ඇති ස්වාමින් වහන්සේලාට
අමතරව තවත් ස්වාමින් වහන්සේලා ඉදිරියේදී හැකි වුනොත් මෙහි සටහන් කරමි.
දේශනා අහනකොට හැකි නම් පිළිවෙළින්
දේශනා මාලා ශ්‍රවණය කරන්න. එවිට වැටහීම පහසු වෙයි. හැබැයි ධර්මය දැනගත්තට මානයක්
හදා ගන්න එපා. මානය බිඳහෙල ගන්න ක්‍රමයයි විය යුත්තේ. මධ්‍යස්ථව අහන්න. ධර්ම
ගෞරවයෙන් අහන්න.
අතීත වර්තමාන අනාගත යන තුන් කල්හි ලොව
පහළවන මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
ඔබට පහසුව පිණීස සොයාගත් ධර්ම දේශනා
මාලා කීපයක් ඉදිරිපත් කරමි
පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ, පානදුරේ චන්දරතන ස්වාම්න්වහන්සේ
සමථ භාවනාවෙන් පටන් ගැනීම (මීතිරිගල nissarana.lk)
Audio clips
https://archive.org/details/nissarana-meditation-instructions/01.+Beginners+-+Basic+Instructions+in+Meditation_Sinhala.mp3
pdf
https://www.nissarana.lk/pdf/Books/Sin/VenUD_Sin_MedInstructionsForBeginners.pdf
program sermons
http://www.nissarana.lk/youtube/displaysermons.php?page_id=nvretreats
අංගන්ගොඩ පඥ්ඥාවංශ ස්වාමින්වහන්සේ
අභිධර්ම දේශනා ඇසුරින් ශුෂ්ක විදර්ශනාවට ධර්ම දේශනා
https://youtube.com/playlist?list=PLELiWFtuVMLY3WHivDEPhrrt2KS1jQmLC&si=5x4irfnS_-zVmb3D
https://youtube.com/playlist?list=PLELiWFtuVMLYvokBkdpU159-UyiRv6Q0t&si=zRc59BvRNJ4hX9hK
පූජ්‍ය ඉමදූවේ නන්දරතන හිමි
පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමි
කේන්ද්‍රය youtube නාලිකාව
පූජ්‍ය නක්කාවත්තේ අසරණ සරණ බුද්ධපරායන හිමි
https://www.youtube.com/watch?v=3rDHlZyPGMg&list=PLfqWJ-aGcy7NHFYc3bQGhFGVVugDdeIDR
පූජ්‍ය හසලකසීල විමල හිමි
https://www.youtube.com/watch?v=K2xdXxvBytM
පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි Mankadawala Sudassana Thero
https://www.youtube.com/watch?v=Vl4b7CXGZZk&list=PLMes4XjWujFFpnIdH7dc0o5u1OZZBGLTj
මෙම දේශනා මාලාවල ඉතිරි දේශනා සොයා ගැනීමට අපහසු කෙනෙක් වේ නම් අදහස් තීරුවේ එය සඳහන් කර තබන්න. youtube වල playlist වලින් හැකි අය සොයා යන්න. ප්‍රඥා නාලිකාව ඉතාම හොඳ මූලාශ්‍රයක් වනු ඇත.