මහා පුරුෂ ලක්ෂණය 01: 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
සුප්පතිට්ඨිත පාද එනම් පාදයේ යටි පතුල සමානව පිහිටීම හෙවත් යටි පතුල පොලවෙහි සම්පූර්ණයෙන් පිහිටීම. පාදය එකවර පොළවෙහි තැබීමත් එකවර එසවීමත් සිදුවෙයි.
හේතු වූ කුසලය:
සසරේදී ඉපදුනු භවයන්හිදී කුසලය දීර්ඝ කාලයක් වීර්යයෙන් යුතුව රැක ගෙන යාම. පලුදු නැතිව නොකඩවා දිගටම කුසලයම සිදු කර ඇත.
(මෙහිදී මනුෂ්‍යයකු වී සිටින භවයන්හි සිදුකරන ලද කුසලය ඉතා බලවත් වේ. තවද සමාදන් වී කරන සීලය බලවත් වේ.
උපෝසථ සීලය, බ්‍රහ්ම චර්යාව, වැඩිමල් අයට ගරු කිරීම දෙමව්පියන්ට සැලකීම අධි කුසලයකි. එසේ බහුලව කළා වූ, නැවත නැවත කළාවූ, උස්ව කලාවූ කුසලය නිසා කය බිඳී මරණින් මතු දෙව්ලොව ඉපදෙයි. දෙව්ලොව දෙවියන් අතර කරුණු දහයකින් උසස් ලෙස පහළ වේ. එම කරුණු දසයට ආයු වර්ණ සැප බල ප්‍රඥා දිව්‍ය ගන්ධ, රස, පහස ආදිය ඇතුළත් වේ.)

ආනිශංසය:
බුදුන්වහන්සේ කෙනෙක්නම් අභ්‍යන්තර හෝ බාහිර කිසිවෙකුට බුදු හිතේ රාගයක්, ද්වේෂයක් හෝ මෝහයක් ඉපද විය නොහැක. පැවිද්දේ නුවණින්ම රැඳී සිටියි. පැවිද්දේ අර්ථය දකියි. කිසිවෙකුට මැඩ පැවැත්විය නොහැකිය. පරාද කළ නොහැකි වේ.
ගිහි අයෙකුනම් ඔහුව කිසිකෙනෙකුට වැළැක්විය නොහැක. පැරදවීමට නොහැකි ය. ජීවිතයට හානි කරන්න නොහැක.

මහා පුරුෂ ලක්ෂණය 02: 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
පතුලෙහිිි චක්‍ර ලක්ෂණය
පතුලෙහිිි චක්‍ර ලක්ෂණය
එම චක්‍ර ලක්ෂණයෙහි දහසක් අර ඇත. දහසක් නිම්වළලු ඇත.
හේතු වූ කුසලය:
මහා බෝධිසත්වයෝ පෙර සිටි ජීවිතවලදී, විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිත වලදී බොහෝ දෙනාට සැප සැලසූහ. කිසිවකුට කරදර උවදුරු වෙන්න දුන්නේනේ නැත. මිනිසුන්ට මිනිසුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් හෝ සත්වයන්ගෙන් උවදුරක් වෙන්නන දුන්නේ නැත. කරදර වලින් බේරා ගන්නට යෙදුනා. බියෙන් නිදහස් කළහ. දුක් දුරු කළහ. ඒ සියල්ලම දැහැමිව සිදුකළහ.
උදා: බෝධිසත්වයෝ ඛන්ද පිරිත මුල්වරට දේශනා කළ අවස්ථාව විමසන්න.
තවද බොහෝ පිරිසක් සමග පින් කටයුතු කළහ. ඒ අතර හාර පාන වස්ත්‍ර යාන වාහන ආසන මල් සුවඳ දේ සයනයට අවශ්‍ය දේ තෙල් තිර එළිය ආදි දස පරිශ්කාර දන් දෙන්නට යෙදුණාහ.
ආනිශංසය:
බුදුු කෙනෙක් වූ විට ගොඩක් පිරිවර ඇතිි වේ. ඒ අතර භික්ඛුු භික්ෂුණි උපාසක උපාසිකා මෙන්ම දිව්‍ය අසුර ගාන්ධර්ව ආදි වෙනත් ලෝකවලද බොහෝ පිරිවර බුද්ධ ශ්‍රාවකත්වයට පැමිණෙති.

මෙම මහා පුරුෂ ලක්ෂණය සක්විති රජ කෙනෙකුට වෙත්නම් බොහෝ පිරිස් ඇති වේ.
මහා පුරුෂ ලක්ෂණ 03, 04, 05 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
දික් වූූ විලුඹ,
දික් වූූ විලුඹ,
දිගු සුන්දර ඇඟිලි,
බ්‍රහ්මයෙකුගේ මෙන් සෘජු සිරුර
හේතු වූ කුසලය:
අප මහා බෝධිසත්වයෝ සතුන් මැරීමෙන් වැළකී සිටියහ. දඬු මුගුරු අත්හැරියාහ. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළහ. බොහෝ කාලයක් මේ පින සසරේ සිදුකර ඇත.
ආනිශංසය:
බුදුුු කෙනෙකු විට දීර්ඝායුෂ යෙන් යුක්තයි. බුදු කිස නිම කරනතුරු පිරිනිවන් පත් නොවෙයි. සතුරෙකුට ජීවිතය නැති කළ නොහැක.

ගිහි අයෙකුනම් දීර්ඝායුෂ යෙන් යුක්ත වෙයි සතුරෙකුට ජීවිතය නැති කළ නොහැක.
මහා පුරුෂ ලක්ෂණ 06 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
වැඩිදුරට:
ප්‍රණීත ව දන් දෙන්න, මහණ වෙන්ට ඒ පින බලපානු ඇත. සසරින් මිදෙන්නට එම දානයන් උපකාර වේවා යැයි සිතා සිදුකරන්න.
මහා පුරුෂ ලක්ෂණ 07 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

සත් තැනක උස්ව මස් පිහිටීම(පාද, අත්වල උඩුපැත්ත, අත්වල යටි පැත්ත, උරහිස, උර මඬල, පාදයන් උඩුපැත්ත, පාදයන්හි යටි පැත්ත යන ස්ථාන උස්ව පිහිටයි (සත්තුස්සදො).
හේතු වූ කුසලය:
අප මහා බෝධිසත්ත්වයෝ සසරෙහි බොහෝ කාලයක් රසවත් කන දෑ, බොන දෑ, ලෙවකන දෑ ආදි භෝජන ඉතාම ප්‍රණීත ව සකසා දන් දුන්හ.
ආනිශංසය:
රසවත් දෑ ලබයි. ඉක්මනින් පංචකාමය අත්හැරීමට හැකියාව ලැබේ. පංචකාමය ලබන අතර ධර්මය අහන්ට ලැබුණ විගස ඒ කෙරේ යොමුවෙයි. නෙක්ඛම්මයේ සිත බැස ගනියි.
රසවත් දෑ ලබයි. ඉක්මනින් පංචකාමය අත්හැරීමට හැකියාව ලැබේ. පංචකාමය ලබන අතර ධර්මය අහන්ට ලැබුණ විගස ඒ කෙරේ යොමුවෙයි. නෙක්ඛම්මයේ සිත බැස ගනියි.
වැඩිදුරට:
ප්‍රණීත ව දන් දෙන්න, මහණ වෙන්ට ඒ පින බලපානු ඇත. සසරින් මිදෙන්නට එම දානයන් උපකාර වේවා යැයි සිතා සිදුකරන්න.
මහා පුරුෂ ලක්ෂණ 07 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
යොවුන් අත්පා තිබීම, ජාල අත්ත පාද හෝති. ***
රැලි නොවැටුණු පහසුවෙන් හැසිරවිය හැකි නම්‍යශීලී අත් පා සහිත වෙති. (ඇට නොකැඩෙන අන්දමෙන් යුක්තයි.)
.
හේතු වූ කුසලය:
ජනයාට සතර සංග්‍රහ වස්තුවෙන් දන් දී තිබීම (ඒ අතරින් ධර්ම දානය අග්‍රයි) , ප්‍රිය වචනය, අත්ථචරියා (අන් අයගේ යහපතට අත දීම, ඒ අතරින් සේඛ බල ධර්ම වල සමාදන් කරවා තිබීම අග්‍රයි.) , සමානාත්මතාවය (ඡන්දය, ද්වේශය, මෝහය ආදි කෙලෙස්වලින් අගතියට නොයා කටයුතු කිරීම.)
ආනිශංසය:
බුදුන් වහන්සේගේ ධර්ම කතාවෙන් අනුකම්පාවෙන් අන් අය සැප ලබයි, පිහිට ලබයි, පිහිට පිහිටයි. දෙවියන්, බඹුන් මනුෂ්‍යයින්, අමනුෂ්‍යයින් ආදී සියලු සත්ත්වයන් බුදුරජාණන් වහන්සේගේ සංග්‍රහයට නැමෙති, කීකරු වෙති.
මහා පුරුෂ ලක්ෂණ 08 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

උස් වූ ගොප් ඇටය, උඩු අතට කැරකැවී ගිය ලොම් ඇති බව..
හේතු වූ කුසලය:
සසරේදී ගොඩක් අනිත් අයට ධර්මය කියා දීල බණ මතක තබාගත යුතු දෑ කියා දීලා යහපත කියාදීලා බොහෝ කාලයක් ධර්ම යාගය කිරීමයි
ආනිශංසය:
සියලු සත්වයන් අතර අග්‍ර වෙති. දෙවියන් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙක් වී උපදියි.

මහා පුරුෂ ලක්ෂණ 09 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
උස් වූ ගොප් ඇටය, උඩු අතට කැරකැවී ගිය ලොම් ඇති බව..
හේතු වූ කුසලය:
සසරේදී බෙහෙවින් අන් අයට ධර්මය කියා දීල බණ මතක තබාගත යුතු දෑ කියා දීලා යහපත කියාදීලා බොහෝ කාලයක් ධර්ම යාගය කිරීමයි
ආනිශංසය:
සියලු සත්වයන් අතර අග්‍ර වෙති. දෙවියන් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙක් වී උපදියි.
මහා පුරුෂ ලක්ෂණ 10 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

ඕලු මුවකුගේ මෙන් කෙන්ඩා පිහිටයි (එලිජංගා)..
හේතු වූ කුසලය:
සංසාරයේ ශිල්ප ලබා දෙන විට ශිෂ්‍යයන් ඉතා හොඳට ඉක්මනට ඉගෙන ගනිත්වා යැයි සිතා වැටහෙනතුරු ගුරු මුෂ්ටිය නැතිව කියාදුන් සේක. ඉක්මනට ඉගෙන ගත හැකි වන ලෙස සකසා ශිල්ප දීම.
ආනිශංසය:
ශ්‍රමණයන්ට අවශ්‍ය දෑ ක්ෂණයෙන් ලැබෙයි. (ඝටීකාර බ්‍රහ්ම රාජයා සිවුරු පූජා කිරීම, දෙවියන් පිරිකර ආහාර දානය ලබා දීම) සිතූ පමණින් හෝ අවශ්‍ය වූ පමණින් ලැබෙයි. සුදුසු නැති දේ නොලැබ සුදුසුම දේ ලැබී යයි. හොඳම ධර්මය ලැබෙයි හොඳම තැන ලැබෙයි.
මහා පුරුෂ ලක්ෂණ 11 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

සිනිඳු සිවියක් ලැබීම (දුහුවිලි නොරැඳෙන සිවිය).
හේතු වූ කුසලය:
බ්‍රහ්ම චර්යාවෙන් යුතු අය අසලට ගොස් කුසලය අකුසලය විමසීම, යමක් හිතසුව පවතී ද නැතිද යන්න විමසයි, හොඳ නරක අසා දැනගනියි. ශ්‍රමණයන් වහන්සේලා ගෙන් දැන උගත් අයගෙන් අසා දැන ගනියි.
ආනිශංසය:
මහා ප්‍රඥාවක් ඇතිවෙයි, වේගවත් නුවණ කෙලෙස් නසන නුවණක් ඇති වේ අවබෝධයෙන් අත්හැරීම පිණිස තුන් ලොවටම අග්‍ර වී උපදී.
මහා පුරුෂ ලක්ෂණ 12 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
මහා පුරුෂ ලක්ෂණ 13 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
මහා පුරුෂ ලක්ෂණ 14 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

රත්තරන් වන් බැබළී ගිය සමක් සහිත වීම..
හේතු වූ කුසලය:
ක්‍රෝධය නැති කම් පුපුර පුපුර නොසිටින ගතිය එක දිගට ක්‍රෝධ සහගත වචන කියද්දිත් තරහ නොගෙන සිටීම, තරහ ගන්නේ නැති කම, තරහ හිතේ පිහිටලා තියෙන්නේ නැහැ, තරහක් ආවත් එය ප්‍රකට කර අන් අයව අපහසුතාවයට පත්කර නැත්තේ වීම. මේ ආදී කුසලය බොහෝ කාලයක් සිදු කර තිබීම, ආමිස, වස්ත්‍ර, කොසු ආදිය න් දී තිබීම සහ ක්‍රෝධ නොකිරීම.
ආනිශංසය:
ලැබෙන දේවල් වස්ත්‍ර ආදියෙන් සැප උපදියි. සුවයක් ලැබෙයි. ඇඳක් වුණත් කොහි සැතපුණද බුදුන් වහන්සේට සනීපයක් උපදී.
ලැබෙන දේවල් වස්ත්‍ර ආදියෙන් සැප උපදියි. සුවයක් ලැබෙයි. ඇඳක් වුණත් කොහි සැතපුණද බුදුන් වහන්සේට සනීපයක් උපදී.
මහා පුරුෂ ලක්ෂණ 13 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
කොපුවක බහා ඇතිවාක් මෙන් ඇති පුරුෂ නිමිත්ත.
හේතු වූ කුසලය:
සංසාරයේ අතරමං වූ අය මුණගැස්වීම, වෙන් වෙච්ච අය මුණගැස්වීම.
ආනිශංසය:
සුරවීර පරාක්‍රමයෙන් යුත් වූ අග්‍ර වූ දරුවෝ ලබයි. බුදුරජාණන් වහන්සේට අග්‍ර ප්‍රඥාව ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ලැබීම, විරාගී බවින් මිහි මඬල සලිත කළ කාශ්‍යප මහරහතන් වහන්සේ ලැබීම, කල්පයක් තෙද බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ ලැබීම, දුටු දුටුවන්ගේ දුක දුරලමින් බණ දෙසන පුත්‍රයෙක් වන ආනන්ද මහ රහතන් වහන්සේ ලැබීම ආදි වූ බොහෝ අග්‍ර වූ දරුවන් ලැබීම.
සුරවීර පරාක්‍රමයෙන් යුත් වූ අග්‍ර වූ දරුවෝ ලබයි. බුදුරජාණන් වහන්සේට අග්‍ර ප්‍රඥාව ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ලැබීම, විරාගී බවින් මිහි මඬල සලිත කළ කාශ්‍යප මහරහතන් වහන්සේ ලැබීම, කල්පයක් තෙද බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ ලැබීම, දුටු දුටුවන්ගේ දුක දුරලමින් බණ දෙසන පුත්‍රයෙක් වන ආනන්ද මහ රහතන් වහන්සේ ලැබීම ආදි වූ බොහෝ අග්‍ර වූ දරුවන් ලැබීම.
මහා පුරුෂ ලක්ෂණ 14 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹
නුග රුකක් මෙන් ඇති පිරිපුන් වූ ශරීරය,
සිටගෙන සිටියදී නොනැමී දණ හිස ස්පර්ශ කළ හැකි වීම..
හේතු වූ කුසලය:
ගොඩක් ජනතාව අතර දක්ෂතාවය සොයා බලා සුදුස්සාට සුදුසු තැන ලබා දී තිබේ.
ආනිශංසය:
බොහෝ ධනය ලැබෙයි, ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥාව යන ධනය ලැබී යයි.
වැඩිදුරට:
සුදුසු අයට පින්කම්වල කටයුතු බෙදා දීමට අපට පුළුවන.
මහා පුරුෂ ලක්ෂණ 15 🌹🌹🌹~~~~~~~~🙏🙏🙏~~~~~~~~🌹🌹🌹

සිංහයෙකුගේ වගේ තේජසක් ඇත. පිට මැද කාණුවක් නැති බව..
හේතු වූ කුසලය:
බොහෝ ජනයාට පහසුව දෙන්න කැමති වී එසේ කටයුතු කොට ඇත. සේඛ බලයෙන්, දරුවන්ගෙන්, ධනයෙන් දියුණු වන්නේ කෙසේදැයි සොයා බලා කටයුතු කර ඇත. ඊර්ෂ්‍යා කර නැත. අන් අයගේ දියුණුව කැමැති ව ඊට කටයුතු සිදු කර ඇත.
ආනිශංසය:
ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා පිරිහී නොයයි. සිල් නොකැඩෙයි. කිසිම ගුණයක් පිරිහී නොයයි.
සැලකිය යුතුයි: මෙහි අංක ගත කර ඇති පිළිවෙල කියවීමේ පහසුව සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.