Monday, 28 October 2019

නුවණැත්තන්ට වැටහේ..



ලෝක ධර්මයන් කෙරෙහි
සැලකිය යුතු කරුණු

“ධම්මෙන ච අලාභො යො
යො ච ලාභො අධම්මිකො
අලාභො ධම්මිකෝ සෙය්‍යො
යං චෙ ලාභො අධම්මිකො”

“ධර්මයෙන් වන්නා වූ අලාභය ය. අධර්මයෙන් වන්නා වූ ලාභය ය යන මේ දෙකින් අධර්මයෙන් වන ලාභයට වඩා ධාර්මික අලාභය ම උතුම් ය” යනු එහි අදහස ය.

“යසො ච අප්පබුද්ධීනං
විඤ්ඤූනං අයසො ච යො
අයසො ච සෙය්‍යො විඤ්ඤූනං
න යසො අප්පබුද්ධිතං”

“මන්දබුද්ධිකයන් නිසා වන කීර්තිය ය, නුවණැතියන් නිසා වන අපකීර්තිය ය යන දෙකින් මන්දබුද්ධිකයන් නිසා ලබන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය ම උතුම් ය” යනු එහි අදහසයි.

“දුම්මෙධෙහි පසංසා ච
විඤ්ඤූහි ගරහා ච යා,
ගරහා ච සෙය්‍යො විඤ්ඤූනං
යං චෙ බාලප්පසංසනා”

“අඥයන් විසින් කරන ප්‍ර‍ශංසාව ය, විඥයන් විසින් කරන ගර්හාවය යන දෙකින් බාලයන්ගේ ප්‍ර‍ශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව ම උතුම් වන්නේ ය” යනු එහි තේරුමයි.

“සුඛං ච කාමමයිකං
දුක්ඛඤ්ච පවිවෙකියං
පවිවෙකියං දුක්ඛං සෙය්‍යො
යං චෙ කාමමයං සුඛං”

“කාමසුඛය ය, විවේකයෙන් වන දුක ය යන දෙකින් කාම සුඛයට වඩා විවේකයෙන් වන දුක ම උතුම් ය” යනු එහි තේරුමයි.

(රේරුකානේ චන්දවිමල මහනාහිම්යන් විසින් සම්පාදනය කරන ලද බෞද්ධයාගේ අත්පොත නැමති ඉතා වටිනා ග්‍රන්ථය ඇසුරෙනි)

Tuesday, 8 October 2019

මාරයාට නොපෙනී ඉන්න හැකි ආකාරය


සුඤ්ඤතෝ  ලෝකං අවෙක්ඛස්සු - මෝඝරාජ සදා සතෝ
මෝඝරාජ, හැමතිස්සේම සිහියෙන් ලෝකය බලන්න හිස් දෙයක් වගේ.
අත්තානුදිට්ඨිං ඌහච්ච - එවං මච්චුතරෝ සියා
එහෙම හිස් දෙයක් වගේ ලෝකෙ බලද්දී අර තමාගේ වසඟයේ පවත්වන්න පුලුවනි කියලා තමන් ගාව තිබුනු දැඩි මතය ඉදිරිලා යනවා. එතකොට ඔබ මාරයා තරණය කරන්නේය.
ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.
ඒ විදියට ලෝකය දෙස බලද්දී මාරයාට ඔබ නොපෙනේ.

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...