Thursday, 19 September 2019

ඉවසීම නම් වූ සොඳුරු ගුණය ඇති කරගමු



ඉවසීම නම් වූ සොඳුරු ගුණය ඇති කරගමු. 

යමෙක් ඉවසන විට එය දැක අනෙක් අය දමනය වෙනවා. එමනිසා සසරේ යන තව කෙනෙකුට අර්ථ චර්යාවෙන් සංග්‍රහ කළා වෙනවා.
( සතර සංග්‍රහ වස්තු - දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව , සමානාත්මතාවය)
වෛර බහුල නොවේ.
ඔහුගෙන් වැරදි වන අවස්තාව ඉතාම අඩුයි .
 රෞද්‍ර  නෑ. මෘදු මොලොක් චරිතයක් ඇතිවෙයි .
පසුතැවිලි නොවන ජීවිතයක් ලබයි.
මුලා නොවී කලුරිය කරයි.
මරණින් මතු සුගතියේ උත්පත්තිය ලබයි.

youtube.com/watch?v=O42UXHTtAEw

Monday, 9 September 2019

මැරෙන මොහොතේ මතක් කරගත යුතු කරුණු සහ මරණින් මතු සුගතිගාමී වීමට හේතු වන කරුණු



මැරෙන මොහොතේ යමෙක්ට මේ සා දුකක් දුන් මේ ජීවිතය ඉවර වීම ගැන කැමති වන්න. උදා වන මරණයට කැමති වන්න.

අමතර
  • යමෙක් සෝවාන් මාර්ගපලයට පත්වී සිටී නම් ඒකාන්තයෙන්ම මරණින් මතු සුගතිගාමී වෙයි.
  • යමෙක් ශ්‍රී සද්ධර්මය සැදැහැ සිතින් යුතුව දරා ගෙන සිටී නම් මරණින් මතු සුගතිගාමී වෙයි.

සිත හදාගන්න අපහසු පින්වතුන්ට සිත පුරුදු කර තබා ගත හැකි කරුණු
  • බුදුරජානන් වහන්සේ අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
  • ධර්මරත්නය අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
  • සඟරත්නය අනන්ත ගුණයන්ගෙන් යුක්තයි
  • මම තෙරුවන් සරණ ගියා
  • මට ඇති එකම සරණ තෙරුවන් සරණයි
  • රන්මැලි සෑය, ජය ශ්‍රී මහා බෝධිය නිතර මම වැඳ ගත්තා
  • වෙහෙර විහාර කරවන්න උදව් කළා
  • නිතර ධර්මය ඇහුවා
  • ධර්ම දානය දුන්නා
  • මේ මේ පින් කම් කළා
  • ඒ නිසා මනුස්ස ලෝකයේ ගොඩාක් පින් කරගත්ත කෙනෙක් උනා
  • සාංගික දාන දුන්න කෙනෙක්
  • බොහෝ උපකාර කල කෙනෙක්
  • අසරණයන්ට පිහිට උන කෙනෙක්
  • යම් තැනක සත්පුරුෂයෝ ඇත්ද එතන මාගේ උපත වේවා. ආදී ලෙසින් ඉහත ආකාරයට සිහිපත් වීමට සිත පුරුදු කොට තබා ගන්න.
  • එනිසා මම මැරුණට පස්සේ නරක ලෝකයක යන්නෑ. සත්පුරුෂයෝ ළගටමයි යන්නේ. නිවණටම නැඹුරු වීම මිස අන් දෙයක් නැත

උපුටා ගැනීම: youtube.com/watch?v=cA2f5U_HB0Y&t=3s

බුදු ගුණ පමණක් පැය 11 ක ධර්ම දේශනාව https://www.youtube.com/watch?v=-ejpWSbxJ2Y

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...