නිවන් මග ගමන් කරන විට ඊට උපකාරී වන නුවණ වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරුණු
1. කල්‍යාන මිත්‍රයෙක් බොහොම ගෞරවයෙන් යුතුවඇසුරු කිරීම (ලැජ්ජ බිය ඇතිව )2. කල්‍යාන මිත්‍රයා සමග නිතර දහම් කාරණා ඇසීම
3. කාය විවේකයත් චිත්ත විවේකයත් ඇති කර ගැනීමට මහන්සි ගැනීම
4. ප්‍රාතිමෝක්ෂ සන්වරසීලයෙන් සංවර වෙලා වාසය කිරීම
5. ධර්මය බොහෝ සෙයින් ඇසීම / බහුශ්‍රැත බව
(කෙලෙස් සමග යුධ වැදීමට ශක්තිමත් වීම පිණිස)
6. ආරද්ධ වීර්යය ගැනීම / පටන් ගත වීර්යයෙන් යුතුව වාසය කිරීම (සතර සමයක් ප්‍රධාන වීර්ය - සිතේ හට ගත් අකුසල් ප්‍රාහනය , උපන් කුසල වර්දනයට...)
7. දෙතිස් කතා වලින් තොරව සිටීම හා ධර්මය කීම හා ධර්මය සඳහා පෙළඹවීම , සතිපට්ටානයේ සිහිය පිහිටුවාගෙන නිහඬව සිටීම
8. පංච උපාදනස්කන්දය හටගන්නා ආකාරය නැතිවන ආකාරය නුවනින් දැකීම (රූප උපාදනස්කන්දය , වේදනා උපාදානස්කන්දය , සංඥා උපාදනස්කන්දය , සංකාර උපාදනස්කන්දය , විඥාන උපාදනස්කන්දය - මෙය මමය මගේ ආත්මය ලෙසින් සිතා ගෙන යමෙක් සිතාගෙන සිටී නම් එයට කියන්නේ සක්කායදිට්ට්යෙන් යුතුව වාසය කිරීම ලෙසිනි ) යමෙක් සෝතාපන්න උනොත් එයාගෙන් සක්කාය දිට්ටිය දුරුවෙයි. මේ පංච උපාදනස්කන්දයේ හට ගැනීම නැතිවී යාම දකිමින් ශ්‍රාවකයා වාසය කරයි. සමාධියකින් යුතුව වාසය කරමින් සමාධිය තුලින් පංච උපාදානස්කන්ධය විදර්ශනා කිරීමෙන් ජීවිතයට බද්ධ වනලෙස ප්‍රයෝජන ගත හැක. මේ ශ්‍රාවකයා රුපයේ හට ගැනීමක් නැති වීමක් විදර්ශනා කරයි, වේදනාවේ හට ගැනීම නැතිවීම විදර්ශන කරයි, ....
නමුත් ඇතැමෙක් තමන්ට යම්කිසි ලෙසකින් ඉහත කී කරුණු ඇතිවන කල්හි අවට පිරිසේ කීර්තිය ලැබීම තුල කැමති වෙමින් කෙලෙස් ඇතිකරගෙන ධර්මයට ඇති මාර්ගය නසා ගනී.
තමන්ගේ වීර්යයේ , ප්‍රක්ඥාවේ , සීලයේ ප්‍රමාණය අනුව සාර්ථකත්වය තීරණය වේ . තමන්ට ඇතිවන ගැටළු කල්‍යාණ මිත්‍රයෙක්ගේ සහයද ලබා ගෙන විසඳා ගැනීමට කටයුතු කල යුතුය.
